
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රවීණ නර්ත්නාචාර්යවරියක වන දේශමාන්‍ය වජිරා චිත්‍රසේන අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඇය 93 වැනි විය පසු වුවාය.
1932 මාර්තු 15 වැනිදා උපත ලැබූ දේශමාන්‍ය වජිර චිත්‍රසේන ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික නර්තන ශිල්පිනියක සහ ගුරුවරියක ලෙස ප්‍රකටව සිටියාය.
වජිරා චිත්‍රසේන සැළකෙන්නේ ශ්‍රී ලංකාවේ මුද්‍රානාට්‍ය කණ්ඩායම් කලාවේ පළමු ප්‍රධාන නාට්‍යාංගනාව ලෙසයි.
සාම්ප්‍රදායිකව පිරිමින් පමණක් ඉදිරිපත් කළ උඩරට නර්තනය ප්‍රගුණ කර පළමු ශ්‍රී ලාංකික වෘත්තීය නර්තන ශිල්පිනිය වුයේද ඇයයි.
කාන්තා උඩරට නැටුම් විලාසය සඳහා සන්නාමයක් නිර්මාණය කිරීම සහ කාන්තාවන් චාරිත්‍රානුකූල නර්තන ශිල්පීන් බවට පත් කිරීමේ ගෞරවය වජිරා චිත්රසෙනට හිමිවේ.
ඇය විවාහ වී සිටියේ සුප්‍රසිද්ධ ජනප්‍රිය නර්තන ශිල්පියකු සහ නර්තන ගුරුවරයකු වූ චිත්‍රසේනයන් සමඟයි.
2020 ජනවාරි 26 වැනි දින, ඇය දිවංගත මහාචාර්ය ඉන්ද්‍රා දසනායක සමඟින් ඉන්දියාවේ ඉහළම ඉන්දීය සිවිල් සම්මානවලින් එකක් වන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart