
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේගය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය සමබන්ධයෙන් ‘කම්පනයට සහ කණගාටුවට’ පත්වූ බව තමිල්නාඩු MDMK පක්ෂයේ ප්‍රධාන ලේකම් වයිකෝ පවසා තිබේ.
ඊයේ(15) ප්‍රකාශයක් කරමින් වයිකෝ කියා සිටියේ දිසානායකගේ පක්ෂයේ ජයග්‍රහණය ඊළාම් දෙමළ ජනයාගේ සමානාත්මතාව සඳහා වන අරගලයේදී අභියෝගයක් විය හැකි බවයි.
දිසානායක දෙමළ විරෝධියකු බවට වාර්තාවක් ඇති බව ඔහු පවසා ඇත.
ඔහු 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට විරුද්ධ වූ බවත් දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන නැගෙනහිර සහ උතුරු පළාත් ඒකාබද්ධ කිරීමට විරෝධය පළ කළ අයකු බවත් වයිකෝ පවසා තිබේ.
දිසානායක ජනාධිපතිවරයා දෙමළ විරෝධී නීති ගෙන ඒමට ඉඩ ඇති බවට අනතුරු ඇඟවූ වයිකෝ, ඉන්දීය රජය ශ්‍රී ලංකා රජයට සහාය දැක්වීමේ ප්‍රවේශය වෙනස් කළ යුතු බව ද සඳහන් කර තිබේ.
රජයේ හමුදා දෙමළ ජනයාගේ ඉඩම්වලින් ඉවත්විය යුතු බවත් බන්ධනාගාරවල සිටින දෙමළ ජනතාව නිදහස් කළ යුතු බවත් දෙමළ ජනයාට එරෙහි ජන සංහාරය පිළිබඳ අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් වයිකෝ පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාවට හිතකර ස්ථාවරයක් නොගන්නා ලෙස ඔහු ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියේය.
“ඉන්දියානු රජය ඊළාම් දෙමළ ජනතාව පාවා නොදිය යුතුයි,” යනුවෙන් ඔහු පැවසීය.
ලාංකීය දෙමළ ජනතාව ආරක්ෂා කිරීම සඳහා එක්සත් වී හඬක් නඟන ලෙස ඔහු තමිල්නාඩුවේ සහ ලොව පුරා සිටින දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart