
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව වේගවත්ම මිනිසා ලෙස වාර්තා අතරට එක් වූ ජැමෙයිකානු මලල ක්රීඩක උසේන් බෝල්ට් 2024 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ සන්නාම තානාපතිවරයා ලෙස පත්කර තිබේ.
නව පරපුරේ රසික රසිකාවියන් දිරිමත් කරන විශාලතම ක්රිකට් සැණකෙළි සංදර්ශනය ආරම්භ වීමට සති කිහිපයකට පෙර මෙම නිවේදනය නිකුත්කර ඇත.
ඕලිම්පික් රන් පදක්කම් 8කට හිමිකම් කියන බෝල්ට් ක්රිකට් ක්රීඩාවටද අවධානය යොමුකර ඇති අවස්ථා මීට පෙරද වාර්තා වි තිබිණි.
බෝල්ට් 2016 රියෝ ඔලිම්පික් ක්රීඩා උලෙළේදී ඉතිහාසගත වූයේ ඔහු පිට පිට ඔලිම්පික් ක්රීඩා තරගාවලි තුනකදී රන් පදක්කම් තුනක් ලබා ගැනීමත් සමඟය.
ලොව පුරා මලල ක්රීඩා තරුවක් ලෙස ඔහුගේ ගමන ආරම්භ වූයේ 2008 බීජිං ඔලිම්පික් ක්රීඩා උලෙළේදීය.
එහිදී ඔහු මීටර් 100, මීටර් 200 සහ මීටර් 4×100 ලෝක වාර්තාද තබමින් ජයග්රහණය කළේය.
ක්රිකට් තානාපතිවරයකු ලෙස, බෝල්ට් T20 ලෝක කුසලාන තරගාවලිය ප්රවර්ධනය කිරීමේ ප්රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇත.
පන්දුවාර 20 ලෝක කුසලානය අමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්හි දී පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart