
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇමෙරිකාවේ ඇලබාමාහි උපන්දින සාදයක දී සිව්දෙනකුට මරු කැඳවමින් 32 දෙනකුට තුවාල සිදු කළ වෙඩි තැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් 16 සහ 17 වැනි වියේ යෞවන වයසේ පසුවන සහෝදරයන් දෙදෙනකුට මිනීමැරුම් චෝදනා එල්ලවී තිබේ. 17 හැවිරිදි Ty Reik McCullough සහ 16 හැවිරිදි Travis McCullough යන සහෝදරයන් අඟහරුවාදා(18) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එක් එක් සැකකරුවන්ට අපරික්ෂාකාරී මිනීමැරුම් චෝදනා හතරක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අතර තවත් චෝදනා එල්ල කිරීමට බලාපොරොත්තු වන බව බලධාරීහු පවසති. මෙම සැකකරුවන්ට වැඩිහිටියන් ලෙස සළකා චෝදනා එල්ල කරන බව නීතිපතිවරයා පවසා ඇත.
කෙසේවෙතත් මෙම මිනීමැරුම් සිදුකළ චේතනාවක් හෝ ඒ සඳහා භාවිත කරන ලද ගිනි අවි වර්ගය පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැත. තුවාල ලැබූ 32 දෙනාගෙන් 04 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව පොලිසිය පවසයි. ප්‍රහාරයෙන් මියගොස් ඇති සිව්දෙනා මාර්ෂියා කොලින්ස් (19), ෆිල් ඩව්ඩෙල් (18), කෝබින් හොල්ස්ටන් (23) සහ ෂවුන්කිවියා ස්මිත් (17) ලෙසින් හඳුනාගෙන තිබේ. ප්‍රදේශයේ නැටුම් මැදිරියක පැවති මෙම සාදයට 50 දෙනකු පමණ පැමිණ සිට ඇත. මෙම සිදුවීම වාර්තාවන Dadeville, දළ වශයෙන් 3,000ක පදිංචිකරුවන් සිටින නගරයක් වන අතර, Montgomery ප්‍රාන්ත අගනුවරට ඊසාන දෙසින් සැතපුම් 60ක් (100 km) පමණ දුරින් පිහිටා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart