
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන් හඳුනාගෙන ඔවුන් වගවීමට ලක්කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇත්තේ අවම උත්සාහයක් පමණක් බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකාව සඳහා වන මානව හිමිකම් පිළිවෙත් පිළිබඳ 2024 වාර්තාව මගින් පෙන්වාදෙයි.
2024 දී සිදුවූ බව පැවසෙන ඝාතන ගැන සඳහන් කරමින් වාර්තාව පවසන්නේ, රජය හෝ එහි නියෝජිතයන් වසර තුළ අත්තනෝමතික හෝ නීතිවිරෝධී ඝාතන සිදුකළ බවට වාර්තා කිහිපයක් ඇති බවයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ නීතිය ක්‍රියාත්මක කරන ආයතන තුළ රඳවා ගැනීමේදී සිදුවූ බව කියන මරණ 7ක් එහි වාර්තා කර තිබේ.
වසර පුරාවට වෙඩි තැබීම් 103ක් වාර්තා වූ බව පොලිසිය පවසයි.
ජනමාධ්‍ය නිදහස පිළිබඳ වාර්තාව පවසන්නේ, පුවත්පත් සහ අනෙකුත් ජනමාධ්‍ය සාමාජිකයන් වෙත අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබුණද රජය ඇතැම් විට මෙම අයිතිය සීමාකළ බවයි.
රටේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ වාර්තාවේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය මගින් ජනමාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්, විශේෂයෙන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, ඉඩම් අත්පත් කර ගැනීම්, පාරිසරික ගැටළු සහ උතුරේ සහ නැගෙනහිර හිටපු සටන්කරුවන් නිරීක්ෂණය, බියගැන්වීම් සහ හිරිහැර කිරීමේ නිරන්තර ප්‍රවණතාවක් නිරීක්ෂණය කර ඇත.
මෙම කාලසීමාව තුළ රජයේ බලධාරීන් විසින් මෙහෙයවන ලද බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ වාර්තා වී නොමැති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය වාර්තා කර ඇත්තේ, එම වසර තුළ අතුරුදහන්වූවන් හෝ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ නව පැමිණිලි කිසිවක් ලැබී නොමැති බවයි.
1983-2009 සිවිල් යුද්ධයෙන් හෝ 1988-89 කැරැල්ලෙන් වින්දිතයන් වූ පුද්ගලයන්ගේ චෝදනා විමර්ශනය කිරීම ඉතා සුළු ප්‍රගතියක් පෙන්නුම් කර තිබේ.
යුද සමයේ සිදුවූ අපචාර සම්බන්ධයෙන් දණ්ඩමුක්තිය සහ වගවීම නොමැතිකම ගැටලුවක්ව පවතින බව ද එම වාර්තාවේ සඳහන් වේ.
ජනමාධ්‍යවේදීන් සහ දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීම් ඇතුළුව ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබාගැනීම පිළිබඳ පැමිණිලි 838 ක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ලැබී ඇති බව ද වාර්තාවෙන් පවසයි.
කොමිසමට අනුව අනුව, 2023 ජනවාරි සහ 2024 මාර්තු අතර කාලසීමාවේදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබාගැනීම් 46 ක් බලධාරීන් විසින් දැනුම් දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart