
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ එක්සත් ජනපද උප රාජ්‍ය ලේකම් ලිස් ඇලන් පෙබරවාරි 12 සිට 22 දක්වා ජෝර්දානය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සංචාරයක නිරත වේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහ නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදයේ සහාය යළි තහවුරු කිරීමට උප ලේකම් ඇලන් කොළඹට පැමිණෙනු ඇතැයි ඊට අදාළ එක්සත් ජනපද නිවේදනයේ දැක්වේ.
ජනමාධ්‍යවේදීන්, සිවිල් සමාජ සාමාජිකයන්, රාජ්‍ය නිලධාරීන් සහ තානාපති කාර්යාලයේ තරුණ සංසදය ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් කණ්ඩායම් සමඟ ප්‍රකාශනයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පිළිබඳ සංවාදය පෝෂණය කිරීම ඇයගේ න්‍යාය පත්‍රයට ඇතුළත් වේ.
මීට අමතරව, ඇය ශ්‍රී ලංකාවේ බහු ආගමික ප්‍රජාවේ නියෝජිතයන්ද හමුවනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart