
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉරානයෙන් දියත් කරන ලද ඩ්‍රෝන යානයක් ඉන්දියානු සාගරයේදී රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල කළ බව එක්සත් ජනපද හමුදාව පවසයි.
පෙන්ටගනය පැවැසුවේ Chem Pluto නම් යාත්‍රාව ඉන්දියානු වෙරළේ සිට නාවික සැතපුම් 200ක් (370km) දුරින් යාත්‍රා කරමින් සිටියදී පෙරවරු 10:00ට පමණ මෙම ප්‍රහාරය එල්ලවූ බවයි.
ඉන් නෞකාවේ ගින්නක් හටගෙන තිබූ අතර පසුවේ එය නිවාදමා තිබේ.
එමගින් ජීවිත හානි කිසිවක් සිදුවී නොතිබිණි.
කෙසේවෙතත් ඉරානය මේ සම්බන්ධයෙන් අදහස් දක්වා නැත.
යේමනයේ ඉරාන පිටුබලය ලබන හූති කැරලිකරුවන් විසින් රතු මුහුදේ නැව් වෙත ඩ්‍රෝන සහ රොකට් ප්‍රහාර එල්ල කිරීම් මෑත කාලීනව වාර්තා විය.
තවත් අවස්ථාවක් සම්බන්ධයෙන් එක්සත් ජනපද මධ්‍යම විධානය කියා සිටියේ දකුණු රතු මුහුදේ අන්තර්ජාතික නැව් මංතීරුවලට යේමනයේ හූති පාලන ප්‍රදේශවලින් නැව් නාශක බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කළ බවයි.
කෙසේවෙතත් කිසිදු නෞකාවකට බැලස්ටික් මිසයිල මගින් බලපෑමක් සිදුවී නොමැති බව වාර්තා විය.
යේමනයේ හූති පාලන ප්‍රදේශවලින් දියත්කරන මිනිසුන් රහිත ගුවන් ඩ්‍රෝන යානා හතරක් සිය යාත්‍රාවට වෙඩි තැබූ බව ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටි යූඑස්එස් ලැබූන් යුද නෞකාව ද පවසා ඇත.
එදිනම දකුණු රතු මුහුදේදී හූති ඩ්‍රෝන යානයකට බොරතෙල් නැවක් හසු වූ බව වාර්තා වූ අතර, තවත් යාත්‍රාවක් මගහැරී තිබිණි.
යේමනයේ වැඩි කොටසක් පාලනය කරන කැරලිකරුවන් ගාසා තීරයේ අඛණ්ඩ යුද්ධය හේතුවෙන් ඊශ්‍රායලයට සම්බන්ධ යාත්‍රා ඉලක්ක කරන බව ප්‍රකාශ කර තිබේ.
ප්‍රහාර වැඩිවීමේ අවදානම හේතුවෙන් බොහෝ විශාල නාවික සමාගම් රතු මුහුදේ මෙහෙයුම් අත්හිටුවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart