
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද දින අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රවීණ රාජ්‍ය සේවක චරිත රත්වත්තේ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ වජිර අබේවර්ධන පෙනීසිට ඇත.
එක්සත් ජාතික පක්ෂයේ ලිපි ශීර්ෂයක සිය ප්‍රකාශයක් උපුටා දක්වමින් වජිර අබේවර්ධන පවසන්නේ, චරිත රත්වත්තේ දශක ගණනාවක් පුරා රාජ්‍ය සේවයට විශාල දායකත්වයක් ලබාදුන් ආදර්ශමත් සහ දේශප්‍රේමී රාජ්‍ය නිලධාරියකු බවයි.
වජිර අබේවර්ධනගේ අදාළ ප්‍රකාශය පහතින් දැක්වේ.
‘මා දන්නා චරිත රත්වත්තේ මහතා 80 දශකයේ දී ශ්‍රී ලංකාවේ තරුණ සේවා සභාව ඇති කිරීමටත්, එය නිසියාකාරව රටට ප්‍රයෝජනවත් ආකාරයට හැසිරවීමටත්, නායකත්වය දුන් රාජ්‍ය නිලධාරියකු වනවා.
එලෙසම 1988 වකවානුවේ ජනසවිය ව්‍යාපාරය ආරම්භ කරන විටත් ඒ සඳහා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට අවශ්‍ය සහයෝගය ලබාදුන් රාජ්‍ය නිලධාරියකු ලෙසයි අප දැන හඳුනාගෙන සිටින්නෙ.
රත්වත්තේ මහතා 2001 වකවානුවේදී රටේ ආර්ථිකය කඩාවැටුණු අවස්ථාවේ දී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ඉතාමත් වැදගත් සේවාවක් කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා පියවර ගත්තා.
රාජ්‍ය නිලධාරීන් ගන්නා තීරණවලදී රජයට ලාභයක් සිදු වූ විට ස්තූති කරන්නේ නැහැ. එසේම රජයට වාසිදායක තත්ත්වයක් උදාවූ විට ඔවුනට සහන ලබාදෙන්නේත් නැහැ. සත්භාවයෙන් ගන්නා තීරණ වලදී සිදුවන පාඩු ගැනද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන සහ මුදල් අමාත්‍යංශයේ රෙගුලාසි අනුව රාජ්‍ය සේවකයන් හැසිරවිය යුතුයි කියන එකයි හිටපු රාජ්‍ය පරිපාලන ඇමතිවරයෙකු ලෙස මට ප්‍රකාශ කරන්න තිබෙන්නෙ.
විශේෂයෙන් අපරාධ හැර අනික් අවස්ථාවල රාජ්‍ය සේවකයන් බොහොම සංවේදී පුද්ගලයන් නිසා පරිස්සමින් හැසිරවීම කළ යුතුයි කියන එකත් මේ අවස්ථාවේ මා මතක් කරනවා.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart