
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
18 වැනි බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වෙත පැමිණියේය.
ගුවන්තොටුපළ වෙත පැමිණි මහලේකම්වරයාව ඉන්දියාවේ රාජ්‍ය අමාත්‍ය සුකාන්ත මජුම්දාර් විසින් පිළිගන්නා ලදී.
විදේශ කටයුතු අමාත්‍යාංශය ‘X’ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, මහලේකම්වරයාගේ මෙම සංචාරය මගින් සාමය, සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම උදෙසා බ්‍රික්ස් සාමාජිකයින්ගේ බහුපාර්ශ්විකත්වය සහ ගොඩනැගිලිලිමත් සංවාදයන් කෙරෙහි ඇති කැපවීම නැවත තහවුරු වන බවයි.
මෙය ගුටරේස්ගේ පස්වැනි ඉන්දීය සංචාරය වන අතර, පෙබරවාරි මාසයේ පැවැති කෘත්‍රිම බුද්ධි ක්‍රියාකාරී සමුළුවට පසුව මේ වසරේ ඔහු ඉන්දියාවේ සංචාරය කළ දෙවැනි අවස්ථාව මෙයවේ.
2026 වසරේ බ්‍රික්ස් සංවිධානයේ මුලසුන හොබවන ඉන්දියාව, සැප්තැම්බර් 12 සහ 13 යන දිනවල නවදිල්ලි නුවරදී මෙම 18 වැනි බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව පවත්වනු ලබයි. ඒ සඳහා බ්‍රික්ස් සාමාජික රටවල නායකයින්, පාර්ශ්වකාර රටවල නායකයින් සහ විශේෂ ආරාධිතයින් රැසක් එක්වීමට නියමිතය.
බ්‍රසීලය, චීනය, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, රුසියාව, සෞදි අරාබිය, දකුණු අප්‍රිකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් බ්‍රික්ස් පූර්ණ සාමාජිකයින් ලෙස කටයුතු කරයි. මීට අමතරව බෙලාරුස්, කියුබාව, බොලීවියාව, කසකස්තානය, මැලේසියාව, නයිජීරියාව, තායිලන්තය, උගන්ඩාව, උස්බෙකිස්තානය සහ වියට්නාමය බ්‍රික්ස් සංවිධානයේ පාර්ශ්වකාර රටවල් ලෙස ක්‍රියා කරයි.
එක්සත් ජාතීන්ගේ ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් ප්‍රකාශ කළේ, වර්තමාන ලෝකයේ වෙනස් වන බහුධ්‍රැවීය යථාර්ථයන් පිළිබිඹු කරමින්, බ්‍රික්ස් සංවිධානය වෙත ලබාදෙන සහයෝගීතාවයේ පණිවිඩයද සහිතව මහලේකම්වරයා මෙම සමුළුවට එක්වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart