
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු යුක්රේනයේ ඔඩේසා නගරයේ ගොතික් පන්නයේ ගොඩනැගිල්ලකට රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
“හැරී පොටර් කාසල්” ලෙස ප්‍රදේශවාසීන් හඳුන්වනු ලබන සුප්‍රකට ගොඩනැගිල්ලට එලෙස රුසියාව ප්‍රහාර එල්ල කර ඇතැයි පැවසෙයි.
ප්‍රහාරයෙන් ගොඩනැගිල්ල ගිනිගෙන දැවෙන අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
ගින්න බොහෝ වේලාවක් පැවැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
රුසියාවෙන් එම ප්‍රහාරය එල්ල වීමට මිනිත්තු කිහිපයකට පෙර යුක්‍රේන බලධාරීන් ගුවන් ප්‍රහාර පිලිබඳ අනතුරු ඇඟවීම් සිදු කර ඇති බවට වාර්තා වෙයි.
එබැවින් ප්‍රහාරයට ඉලක්ක වූ ප්‍රදේශය ආශ්‍රිත ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමු වීමට ප්‍රමාණවත් කාලයක් නොලැබුණු බවට චෝදනා එල්ල වේ.
“මේ වන විට මිසයිල වර්ගය පරීක්ෂා කරමින් පවතී; අධිකරණ වෛද්‍ය විශේෂඥයින් මේ සඳහා සුදුසු ඇගයීම් සිදු කරමින් සිටී, ”යුක්රේනයේ දකුණු ආරක්ෂක බලකායේ ප්‍රකාශකයෙකු වන ඩිමිට්‍රෝ ප්ලෙටෙන්චුක් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart