
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් උගන්ඩා ජාතික කණ්ඩායමට දින 14 ක පුහුණු කඳවුරක් සඳහා පහසුකම් සපයනු ලබන අතර, එය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුව, අන්තර්ජාතික ක්‍රීඩාංගණයක් (GICS, ගාල්ල) වෙන් කිරීම, විස්සයි20 තරග හතක් ක්‍රීඩා කිරීම සඳහා ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථාන සංවර්ධන සංචිතවලින් කණ්ඩායමක් වෙන්කිරීම සහ විනිසුරුවන්, ලකුණු සටහන් කරන්නන්, ආහාර, වෛද්‍ය සහාය සහ පිටියේ වෙනත් අදාළ ආධාර වැනි තරගවලට අදාළ සැපයුම් ලබාදීම මෙම පහසුකමට ඇතුළත් වේ.
උගන්ඩා ජාතික කණ්ඩායමේ අභ්‍යන්තර ප්‍රවාහනය ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සපයනු ලැබේ.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සහකාර සාමාජිකයෙකු වන උගන්ඩාව සඳහා මෙම පහසුකම ලැබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසයි.
පසුගිය ජනවාරි 3 වැනිදා සිට උගන්ඩාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ සහ මූලාසන නිලධාරීන්ගේ 27 වැනි සමුළුවට සහභාගි වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් උගන්ඩා ක්‍රිකට් සංගමය කළ ඉල්ලීමකට අනුව උගන්ඩා ජාතික කණ්ඩායමට මෙම පහසුකම් සැලසේ.
උගන්ඩා ජාතික කණ්ඩායම සිය පුහුණු කඳවුර සඳහා අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart