June 23, 2025

බේරුවල ප්‍රාදේශීය සභාවට අයත් මාර්ගයකට හානිකිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙදෙනකු අලුත්ගම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

2025-05-18 දින අලුත්ගම දර්ගා නගරය රෝහල පාර අතුරු මාර්ගයකට මෙලෙස හානි කර ඇතැයි වාර්තා වේ.

අලුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේ නියෝජනය කරන. ඒ වන විටත් බේරුවල ප්‍රාදේශීය සභාව සඳහා තේරී පත්ව සිටි සමගි ජන බලවේගයේ මෙම මන්ත්‍රීවරු දෙදෙනා එම මාර්ගයට අලාභ කිරීම හේතුවෙන්, බේරුවල ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව, සිදුකළ විමර්ශනයකදී මෙම මන්ත්‍රීවරු දෙදෙනා බේරුවල ප්‍රාදේශී සභාව පිහිට වූ දිනයේ එනම් 2025-06-20 දින අලුත්ගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මාර්ගයට අලාභ හානි කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් කළුතර සහකාර කොමසාරිස් කාර්යාලයේ සිදුකළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ, රුපියල් 65,000 පමණ අලාභහානි සිදුව ඇති බවයි.

මෙසේ අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරු දෙදෙනා එදිනම කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මාර්ගයට අලාභහානි කිරීම සම්බන්ධයෙන් වරද පිළිගෙන, එම මුදල ගෙවීමට අධිකරණයට පොරොන්දු වීම හේතුවෙන් මුදාහැර තිබේ.