
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
IPL ආචාරධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මුම්බායි ඉන්දියන්ස් පිලේ පිතිකරු ටිම් ඩේවිඩ් සහ පිතිකරණ පුහුණුකරු කිරන් පොලාඩ්ට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් සියයට 20ක දඩයක් නියම කර තිබේ.
ඒ, මුලාන්පූර්හිදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පසුගිය අප්‍රේල් 18 වැනිදා පැවැති තරගයේදී වූ සිදුවීමකට අදාළවය.
එහි දර්ශන දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර යෑමත් සමග ඒ සම්බන්ධ මතභේදය මතුවී තිබිණි.
එහිදී පස් වතාවක් ශූරයන් වූ මුම්බායි ඉන්දියන්ස් සංචිතයේ සාමාජිකයන් සහ සහායක කාර්ය මණ්ඩලය පිටියේ සිටි පිතිකරු සූර්යකුමාර් යාදෙව්ට සමාලෝචනයක් ඉල්ලා සිටින ලෙස දන්වමින් නීති විරෝධී ලෙස සහාය දුන් බව දැකීමෙන් පසුව මෙම දඩය නියම කර ඇත.
“ඩේවිඩ් සහ පොලාඩ් IPLහි චර්යාධර්ම සංග්‍රහයේ 2.20 වගන්තිය යටතේ පළමු මට්ටමේ වරදක් කර තිබේ. ඩේවිඩ් සහ පොලාර්ඩ්ට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් සියයට 20 බැගින් දඩ පනවන ලදී,”යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් IPL සංවිධායකයන් ඊයේ ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart