
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ පෙරහර නරඹමින් සිටි බැතිමතුන් දෙදෙනකු පෙරේදා (20) හදිසියේ මියගොස් ඇතැයි කතරගම පොලිසිය කියයි.
පූජා භූමිය එදින රාත්රී 7 පමණ වන විට පිරි ඉතිරි ගොස් අංක දෙක පාලම සීමාව බැතිමතුන්ගේ දැඩි තදබදයන් දක්නට ලැබුණු බවත්, තදබදය මැද සිටි දෙදෙනකු කතරගම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවත් කතරගම පොලිසියේ නිලධාරියෙක් කීය.
එදින පස්වරු කාලයේ සිට පූජාභූමිය පමණක් නොව නව නගර සීමාව ද බැතිමතුන්ගෙන් පිරි ඉතිරි ගොස් තිබූ අතර, රථවාහන හැසිරවීම සඳහා පොලිසියට දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය.
ප්රධාන මාර්ගවල පමණක් නොව අතුරු මාර්ගවල පවා වාහන සිරවී තිබිණ.
සෙල්ලකතරගම සහ කතරගම ප්රධාන මාර්ගය මෙන්ම තිස්සමහාරාම – කතරගම ප්රධාන මාර්ගය ද කිලෝමීටර් ගණනක් වාහන එකට එක යාවී තිබෙන අයුරු දැකගත හැකි විය.
මියගිය එක් පුද්ගලයකු කල්මුණ ප්රදේශයේ ද, අනෙක් පුද්ගලයා රත්නපුර ප්රදේශයේ ද පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
පැමිණ සිටි බොහෝ බැතිමතුන් මෙදින අවසන් මහ පෙරහර යයි සිතා කිරිවෙහෙර මාර්ගයේ ද දෙපස වාඩිවී සිටින ආකාරයක් දැකගන්නට ලැබිණ.
එහෙත් ප්රචාරක කාර්යාලය මගින් අවසන් පෙරහර මෙය නොවන බව හා එම මාර්ගයේ පෙරහර ගමන් නොකරන නිසා බැතිමතුන්ට ප්රධාන වීදිය සහ පිට වීදිය දෙසට පැමිණෙන ලෙසට දන්වා සිටිය ද බැතිමතුන්ගේ තදබදය හේතුවෙන් ඔවුනට පෙරහර නැරඹීමේ අවස්ථාව අහිමි විය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart