
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමතිවරයාගේ උපකාරයෙන්, ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර දෙකක් රැගෙන මෙරටට ඇතුළු වීමට තැත්කිරීමේ චෝදනා එල්ලවී සිටි ලී පෑන් නැමති චීන ජාතිකයා අද (08) මෙරටින් පිටුවහල් කළ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ආගමන-විගමන දෙපාර්තමේන්තුව විසින් ඔහු පසුගියදා අත්අඩංගුවට ගත් අතර, පසුව ඔහු අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේ තමන් චීනයට පිටුවහල් කිරීම වළක්වන ලෙස ඉල්ලමින්. ඊට හේතුවී තිබුනේ අදාළ චීන ජාතිකයා මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් චීනයේ වරෙන්තු නිකුත් කළ පුද්ගලයකු වීමයි. නීතිපතිවරයා ඒ බව අධිකරණයට දන්වා සිටියේයේය.
පසුව චීන ජාතිකයාගේ නීතීඥවරයා පෙත්සම ඉවත් කර ගැනීමට අවසර ඉල්ලා සිටි අතර අභියාචනාධිකරණය අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව මොහු අද චීනයට පිටුවහල් කර ඇති බව වාර්තා වෙයි.
අදාළ පුද්ගලයා චීනයට රැගෙන යෑම සඳහා විශේෂ ගුවන් යානයක් ලබාදෙන ලෙස කොළඹ චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබූ බවද වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart