
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රමිතියෙන් තොර ඖෂධ සහ අනවසර වෛද්‍ය උපකරණ දිගින් දිගටම අවසර ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිවරයා සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට එරෙහිව විමර්ශන සිදුකිරීමට ස්වාධීන විමර්ශන කමිටුවක් පත්කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය කාවින්ද ජයවර්ධන සහ හර්ෂණ රාජකරුණා මෙම පෙත්සම ගොනු කළේ, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, NMRA සභාපති සහ එහි සාමාජිකයන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමිනි.
නීතීඥ දිමුතු කුරුප්පආරච්චි හරහා මෙම පෙත්සම ගොනුකරමින් පෙත්සම්කරුවන් කියාසිටියේ අධිකාරියේ තීරණයට අනුව ඖෂධ ආනයනය කිරීම සහ බෙදාහැරීම මිනිස් භාවිතයට හෝ පරිභෝජනයට නුසුදුසු බවයි.
සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියට සහ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට පටහැනිව, නිසි පර්යේෂණයකින් තොරව මෙම ඖෂධ රෝහල්වලට ලබාදීමට සහ මහජනතාවට ලබාදීමට වගඋත්තරකරුවන් ඉඩදී මහජන සෞඛ්‍ය අනතුරේ හෙළා ඇති බව පෙත්සම්කරුවෝ අවධාරණය කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart