May 10, 2025

කොළඹ අද පස්වරුවේ වෙනම ස්ථාන දෙකක ගිනි හටගත් බව ගිනි නිවන හමුදාව පැවසීය.

පළමු ගින්න වොක්ෂෝල් වීදියේ ඇති වූ අතර, එක් ගොඩනැගිල්ලකින් ආරම්භ වූ ගින්න යාබද ගොඩනැගිල්ලකටද පැතිර ගොස් ඇත.

තත්ත්වය පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ පහක් එම ස්ථානයට යවා ඇත.

මේ අතර, ආමර් වීදියේ බීසීසී පාලම අසල තවත් ගින්නක් වාර්තා වූ අතර, එහිදී වෙළඳසැල් පේළියක් ගින්නට ගොදුරුවී තිබේ.

එම දෙවන ගින්න නිවාදැමීම සඳහා ගිනි නිවන රථ තුනක් යොදවා ඇත.

මෙම සිදුවීම් දෙකෙහිම කිසිදු හානියක් වාර්තා වී නොමැති බව නිලධාරීන් තහවුරු කර තිබේ.