
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමාජ මාධ්‍ය ජාලා භාවිත කරමින් මුදල් වංචා කිරීමේ චෝදනා මත පුද්ගලයන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ කොට්ඨාසය ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මෙම අත්අඩංගුවට ගත් බව තහවුරු කරමින් කියාසිටියේ, සැකකරුවන් අන්තර්ජාලය හරහා පුද්ගලයන් කිහිපදෙනකුගෙන් මුදල් ලබාගත් බවට පැමිණිල්ලි ලැබී ඇති බවයි.
අත්අඩංගුවට ගත් පිරිස ගම්පහ වෑබඩ ප්‍රදේශයේ පදිංචි උපාධිධාරියෙකු සහ වෘත්තියක් පිළිබඳව හෙළි නොකළ තවත් පුද්ගලයකු බවට හඳුනාගෙන ඇත.
ඔවුන් සන්තකයේ තිබී ජාතික හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර සහ ජංගම දුරකථනද බලධාරීන් භාරයට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart