
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුප්රකට පාතාල නායකයෙකු වන කෝරලගමගේ මන්දිනු පද්මසිරි හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ වෙනුවෙන් විදේශ ගමන් බලපත්ර දෙකක් ලබාදීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් වයස අවුරුදු 32 සහ 51 අතර පසුවන අය වන අතර කෙහෙල්බද්දර පද්මේගේ ඡායාරූපයක් WhatsApp හරහා ලබාගෙන එය සංස්කරණය කර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට වංචනික ලෙස ලබා දී ඇතිබව පොලිසිය පවසයි.
සැකකරුවන් බත්තරමුල්ල සහ කොහුවල පිහිටි ඡායාරුප ශාලාවල හිමිකරුවන් වන අතර ඇහැලියගොඩ සහ මාලිගාවත්තේ පදිංචිකරුවන් වේ.
‘කෙහෙල්බද්දර පද්මේ’ 2014 වර්ශයේදී නිකුත් කරන ලද විදේශ ගමන් බලපත්රයක් භාවිත කරමින් 2021 දී රටින් පිටව ගොස් ඇති බවත්, ඔහුගේ විදේශ ගමන් බලපත්රය 2024 දී කල් ඉකුත් වී ඇති බවත් විමර්ශනවලදී හෙළි වී තිබේ.
කෙසේවෙතත්, ඔහු විදේශගතව සිටියදී ඔහුගේ ඡායාරූපය සහ තොරතුරු වංචනික ලෙස ලබාදීමෙන් 2024 දී නව විදේශ ගමන් බලපත්රයක්ද ලබාගෙන ඇත.
ඔහු 2025 වර්ෂයේදී ඔහුගේ ඡායාරූප සහිත වෙනත් නම් දෙකක් යටතේ තවත් විදේශ ගමන් බලපත්ර දෙකක් ද ලබාගෙන තිබේ.
සැකකරුවන් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු (29) වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart