
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සාපරාධී ලෙස බියගැන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බිංගිරිය ඇඟලුම් කම්හල් පරිශ්‍රයකදී පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් දෙදෙනා හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ බව වාර්තා සඳහන් කරයි.
බෙන්ජි නම් පෞද්ගලික ආයතනයේ ප්‍රවාහන සේවාව සැපයීමේ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් පැනනැගී ඇති අර්බුදයක් විසඳීමට ගිය ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායකට එතැන සිටි පිරිසකගෙන් විරෝධයක් පැනනැගුණු බවට ජනමාධ්‍ය වාර්තා පළවිය.
මෙහි සත්‍ය තත්වය වන්නේ, අදාළ ආයතනයේ ප්‍රවාහන සේවය මීට පෙර බලයේ සිටි දේශපාලකයන්ගේ කප්පම් ඉල්ලමක් බවට පත්ව ඇති තත්වය පිළිබඳ ගැටලුව විසදීමට තමා මැදිහත්වීම බව මන්ත්‍රීවරයා ජනමාධ්‍යය වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
මන්ත්‍රීවරයා ගමන් ගත් රථයට පහරදීම සහ තර්ජනය කිරීමට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් කිරීමට බලාපොරොත්තුවන බව අදාළ තත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart