
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්ථානයේ නිරිතදිග බලුකිස්ථාන් පළාතට අද එල්ල වූ බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් 22ක් මියගොස් ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.
දේශපාලන පක්ෂ මැතිවරණ කාර්යාල ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර ද්විත්වය එල්ල කර තිබේ.
පළමු ප්‍රහාරය ඇෆ්ගනිස්ථාන දේශසීමා ආසන්නයේ පිහිටි පිෂින් දිස්ත්‍රික්කයේ ස්වාධීන මැතිවරණ අපේක්ෂක අස්ෆන්ඩියාර් ඛාන් කකාර්ගේ (Asfandyar Khan Kakar) කාර්යාලයට එල්ල වී ඇති අතර, ඉන් පුද්ගලයන් 12ක් මියගොස් ඇති බවට වාර්තා වේ.
දෙවන බෝම්බ ප්‍රහාරය ජමියට් උලමා ඉස්ලාම් (Jamiat Ulema Islam) කාර්යාලයට එල්ල කර තිබේ.
පිෂින් දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය කොමසාරිස් ජුම්මා ඩැඩ් ඛාන් (Jumma Dad Khan) පවසා ඇත්තේ, ප්‍රහාරයෙන් බොහෝදෙනකුට තුවාල සිදු වී ඇති බවත්, ඇතැම් පුද්ගලයන්ගේ තත්ත්වය බරපතල බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart