
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
Tsingtao බියර් කම්හලක සේවකයකු අමුද්‍රව්‍ය අඩංගු යැයි විශ්වාස කරන ටැංකියකට මුත්‍රා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය සතියේ සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වීමෙන් පසුව, චීනයේ නිෂ්පාදිත ආහාර නිෂ්පාදන පිළිබඳ බිය දකුණු කොරියාවේ පාරිභෝගිකයන් අතර යළිත් වරක් පැතිර යමින් තිබේ.
Tsingtao Brewery Co. Ltd යනු චීනයේ දෙවන විශාලතම බීර කර්මාන්ත ශාලාව වන අතර දේශීය වෙළඳපළ කොටසින් 15% ක් ඊට අයත්වන අතර චීනයේ ජාතික බියර් අපනයනයෙන් අඩක් ද එය නියෝජනය කරයි.
පසුගිය බ්‍රහස්පතින්දා උඩුගත කිරීමෙන්(Upload) පසු ලොව පුරා සමාජ මාධ්‍යවල මිලියන දහස් ගණනක් නැරඹූ අදාළ වීඩියෝවේ දැක්වෙන්නේ නිල ඇඳුමකින් සැරසී සිටි සේවකයකු උස් බිත්ති සහිත භාජනයකට නැගී එය තුළට මුත්‍රා කරන ආකාරයයි.
Tsingtao විසින් සිකුරාදා නිකුත් කරන ලද ප්‍රකාශයකට අනුව, මෙම වීඩියෝව Tsingtao Brewery අංක 3 කම්හලේ පටිගත වූ එකක් බවට විශ්වාස කෙරේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිසිය සම්බන්ධ කරගත් බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
කෙසේවෙතත්,සමාගමේ තත්ත්ව පාලන පද්ධතිය සහ සනීපාරක්ෂක ප්රමිතීන් පිළිබඳව ප්‍රශ්න මතුකර ඇති දකුණු කොරියාවේ පාරිභෝගිකයන් සතුටු කිරීමට මෙම පැහැදිලි කිරීම අපොහොසත් වී ඇත.
මෑත වසරවලදී චීනයේ නිෂ්පාදිත ආහාර පාන නිෂ්පාදනවල සනීපාරක්ෂාව සම්බන්ධයෙන් සමාන සිදුවීම් වර්ධනය වී ඇති බැවින් පාරිභෝගික කෝපය සහ කාංසාව වැඩි වෙමින් පවතින බව විදෙස් පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart