
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකානු ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගෙන ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
ෆ්ලොරීඩාවේ සිට සිය පාක්ෂිකයන් අමතමින් මීට සුලු මොහොතකට පෙර ට්‍රම්ප් පැවසුවේ තමන් මැතිවරණය ජයගෙන ඇති බවයි.
“ඇමරිකාව අපට පෙර නොවූ විරූ සහ බලගතු වරමක් ලබා දී ඇත,” ඔහු ප්‍රීති ඝෝෂා නඟමින් සිටි පිරිසට පැවසුවේය.
ජනාධිපතිවරණය ජයගැනීම සඳහා අපේක්ෂකයකු අමෙරිකාවේ මැතිවරණ විද්‍යාල 538 න් 270 ක බහුතර බලය හිමිකර ගත යුතුය.
ට්‍රම්ප් මේවනවිට එම ආසන 266 ක බලය හිමිකර ගෙන තිබේ.
ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස් හිමිකර ගෙන ඇත්තේ ආසන 219 ක් පමණකි.
කෙසේවෙතත් තවමත් අවසන් ප්‍රතිපල ප්‍රකාශයට පත්ව නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart