
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකාව දකුණු කොරියාවට පැනවූ නව තීරුබද්ද සියයට 15 දක්වා අඩු කර තිබේ.
ඒ පිළිබඳ ප්‍රකාශයට පත්කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, තමන් විසින් තෝරාගන්නා ලද ආයෝජන සඳහා කොරියාව ඩොලර් බිලියන 350 ක් ලබාදෙනු ඇති බවයි.
ඊට අමතරව නව ගනුදෙනුව වෙනුවෙන් දකුණු කොරියාව අමෙරිකාවෙන් ඩොලර් බිලියන 100 ක LNG හෝ වෙනත් බලශක්ති නිෂ්පාදන මිලදී ගනු ඇති අතර, තවදුරටත් දකුණු කොරියාව ඔවුන්ගේ ආයෝජන අරමුණු සඳහා විශාල මුදලක් ආයෝජනය කිරීමට එකඟ වී ඇතැයි ද වාර්තා වේ.
ද්විපාර්ශවික හමුවක් සඳහා දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් ධවල මන්දිරයට පැමිණීමට නියමිත බැවින් ඉදිරි සති දෙක ඇතුළත මෙම ගනුදෙනුව ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ද විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
නව ගනුදෙනුවේදී එළඹුනු එකඟතා අනුව දකුණු කොරියාව එක්සත් ජනපදය සමඟ වෙළඳාමට සම්පූර්ණයෙන්ම විවෘත වන බවටත්, ඔවුන් මෝටර් රථ සහ ට්‍රක් රථ, කෘෂිකර්මාන්තය ඇතුළු ඇමරිකානු නිෂ්පාදන පිළිගන්නා බවටත් පවසා තිබේ.
එමෙන්ම නව ගනුදෙනුවට අනුව අමෙරිකාවට දකුණු කොරියාවෙන් සිදුකරන ආනයන සඳහා සඳහා 15%ක තීරුබදු ගෙවීමට නියමිත අතර, අමෙරිකානු භාණ්ඩ දකුණු කොරියානු වෙළඳපොළට ඇතුළු වන්නේ තීරුබදුවලින් තොරවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart