
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාව විසින් තවදුරටත් පිළිගනු ලබන්නේ වෙනස් කළ නොහැකි ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයක් පමණක් බව එරට නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති අතර ඔහු ඊට අදාළ නියෝගහකට ද අත්සන් තබා ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව වාර්ගික සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම සහ LGBTQ+ පුද්ගලයන් සඳහා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඉලක්ක කරගත් ප්‍රතිපත්ති මාලාවක් ඉක්මනින් අවසන් කිරීමට ඔහු පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.
ට්‍රම්ප්ගේ මෙම නියෝගයට අනුව රජය “ලිංගභේදය” වෙනුවට “ලිංගික” යන යෙදුම භාවිත කළ යුතු අතරම විදේශ ගමන් බලපත්‍ර සහ වීසා ඇතුළු රජය විසින් නිකුත් කරන ලද හඳුනාගැනීමේ ලියකියවිලි, පුද්ගලයෙකුගේ නොවෙනස්වන ජීව විද්‍යාත්මක වර්ගීකරණය වන පිරිමි හෝ ගැහැණු වශයෙන් පදනම් වියයුතු බව අනිවාර්ය වේ.
ට්‍රම්ප් බලයට පත්වීමෙන් පැය කිහිපයක් ඇතුළත බයිඩ්න් පරිපාලනය විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති ආපසු හැරවීම සම්බන්ධයෙන් සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට ඉක්මණින් පියවර ගත්තේය.
ඒ අනුව, වාර්ගික සමානාත්මතාවයට සහාය වන සහ සමලිංගික හා සංක්‍රාන්ති ලිංගිකයන්ට එරෙහි වෙනස්කම්වලට එරෙහිව සටන් කිරීමේ පියවර ඇතුළුව අවම වශයෙන් හිටපු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් අත්සන් කරන ලද විධායක නියෝග 78 ක් පමණ ට්‍රම්ප් විසින් අවලංගු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart