
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ 13 හැවිරිදි පිළිකා රෝගී දරුවකු වන ඩීජේ ඩැනියෙල් (Devarjaye Daniel) අමෙරිකානු රහස් ඔත්තු සේවයේ ගෞරවනීය නියෝජිතයකු ලෙස ප්‍රකාශයට පත්කළේය.
ඊයේ කොන්ග්‍රසයේ ඒකාබද්ධ සැසිවාරය අමතමින් ට්‍රම්ප් පැවසුවේ, යෞවනයාගේ කැමැත්ත, ධෛර්යය සහ අධිෂ්ඨානය ගැන ප්‍රශංසා කරන බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් එම අවස්ථාවේදී ගැලරියේ අසුන්ගෙන සිටි ඩීජේ ඩැනියෙල්ගේ පොලිස් නිලධාරියෙකු වීමේ සිහිනය ගැන ද සඳහන් කළේය.
එමෙන්ම ට්‍රම්ප් ඩීජේගේ මොළයේ පිළිකාවට එරෙහිව සටන් කිරීමේ සහ පොලිස් නිලධාරියකු වීමේ සිහිනය සැබෑකර ගැනීමේ බලාපොරොත්තුව කිසිවිටෙකත් නැතිකර නොගත් ආකාරය විස්තර කළේය.
“ඔහු නිතරම පොලිස් නිලධාරියකු වීමට සිහින මැව්වා” ට්‍රම්ප් පැහැදිලි කළේය. “නමුත් 2018 දී DJ ට මොළයේ පිළිකාවක් ඇති බව හඳුනාගත්තා”
“වෛද්‍යවරු ඔහුට ජීවත් වීමට උපරිම වශයෙන් මාස පහක් ලබාදුන්නා. ඒ මීට වසර හයකට වැඩි කාලයකට පෙරයි. එතැන් සිට DJ සහ ඔහුගේ පියා ඔහුගේ සිහිනය සැබෑ කරගැනීමේ ගවේෂණයක යෙදී ඉන්නවා.” ට්‍රම්ප් වැඩිදුරටත් පැවැසීය.
“පොලිස් දෙපාර්තමේන්තුව ඔහුට ආදරෙයි. අද රාත්‍රියේ, DJ, අපි ඔබට ඔවුන් සියල්ලටම වඩා ලොකුම ගෞරවයක් කරනවා. ඔබව නිල වශයෙන් එක්සත් ජනපද රහස් සේවයේ නියෝජිතයකු බවට පත්කරන ලෙස මම අපගේ නව රහස් සේවා අධ්‍යක්ෂ ෂෝන් කුරන්ගෙන් ඉල්ලා සිටිනවා, ” යනුවෙන් ට්‍රම්ප් පැවසීමත් සමග ඩීජේ ඩැනියෙල් සමග අසුන් ගෙන සිටි ඔහුගේ පියා සියල්ලන්ට ඔහුව ඔසවා පෙන්වූ බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart