
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික උරුමයක් ලෙස නම් කර ඇති සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ඉංග්‍රීසියෙන් ලියා අන්තර්ජාලයේ පළකර මුද්‍රණය කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක පවසයි.
අමාත්‍යාංශයේ පැවැති රැස්වීමකදී මහා සංඝරත්නය කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බව ඇමැතිවරයා සඳහන් කරයි.
බුදුදහම ලොව පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් දේශීය හා විදේශීය වශයෙන් ත්‍රිපිටකය හැදෑරීමට උනන්දු වන ගිහි පැවිදි සියලුම පාර්ශ්වයන් වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇත.
මෙම කාර්යය සාර්ථකව සිදු කිරීම සඳහා උත්තරීතර මණ්ඩලයක්, අධීක්ෂණ මණ්ඩලයක් සහ විධායක මණ්ඩලයක් ලෙස මණ්ඩල තුනක් පත්කළ යුතු අතර, ඇමැති මණ්ඩලයේ අනුමැතිය ද ලබාගත යුතු බව ඇමැති වික්‍රමනායක වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart