
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලතින් ඇමරිකානු පොලිසිය විසින් සති තුනක් පුරා රටවල් 15ක් පුරා විහිදෙන ආකාරයෙන් සිදුකළ දැවැන්ත මෙහෙයුමකදී ඩොලර් බිලියන 05ක් (පවුම් බිලියන 04ක්) වටිනා කොකේන් සහ අනෙකුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇත. මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගැනීම් 15,000කට ආසන්න සංඛ්‍යාවක් සිදු කර ඇති අතර, නීතිවිරෝධී ගිනි අවි 8,000කට වැඩි සංඛ්‍යාවක්ද භාරයට ගෙන තිබේ. මෙහිදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 203 ඉක්මවන බව වාර්තා සඳහන් කරයි.
ඉන්ටර්පෝල්(අන්තර්ජාතික පොලිසිය) විසින් සම්බන්ධීකරණය කරන ලද මෙම මෙහෙයුමේදී, උතුරේ මෙක්සිකෝවේ සිට දකුණේ ආර්ජන්ටිනාව දක්වා පොලිසි සහ හමුදා අතර තොරතුරු හුවමාරු කරගෙන තිබේ. අන්තර්ජාතික පොලිසිය පවසන්නේ මෙම අත්අඩංගුවට ගැනීම් හේතුවෙන් ප්‍රබල කල්ලි කිහිපයක ක්‍රියාකාරීත්වය අඩාල වී ඇති බවයි. ‘ට්‍රිගර් IX’ ලෙස නම් කරන ලද මෙම අන්තර්ජාතික ප්‍රයත්නය ප්‍රධාන වශයෙන් ඉලක්ක කර ඇත්තේ නීතිවිරෝධී ගිනි අවි ජාවාරමට එරෙහිව සටන් කිරීමයි.
ආයුධ ජාවාරම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිවල බලය ශක්තිමත් කරන අතර, ඔවුන්ගේ අපරාධ ක්‍රියාකාරකම් තවදුරටත් ඉහළ නංවන බවට අන්තර්ජාතික පොලිසිය දිගු කලක් තිස්සේ අනතුරු අඟවා තිබේ. මෙතෙක් මහා පරිමාණ තුවක්කු භාවිතයෙන් ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ නොවූ රටවලින් පවා මෙම මෙහෙයුමේදී ආයුධ විශාල ලෙස සොයාගෙන ඇති බවැඩ පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart