
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
LGBTQ+ ප්‍රජාව පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම අරමුණු කරගත් නව පුහුණු වැඩසටහනක් නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ සහාය ඇතිව කටාන ජාතික පොලිස් පුහුණු ආයතනයේ දී ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකා නීතිය යටතේ LGBTQ+ පුද්ගලයන්ට ලබා දී ඇති අයිතිවාසිකම් සහ ආරක්ෂාවන් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අතර දැනුවත්භාවය වැඩිදියුණු කිරීම මෙම මුලපිරීමේ අරමුණයි.
පොලිස් ස්ථානවල හෝ සමාජය තුළ LGBTQ+ පුද්ගලයන් මුහුණදෙන ඕනෑම අභියෝගයකට පොලිස් නිලධාරීන් සුදුසු ලෙස මැදිහත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පුහුණු වැඩසටහනේ සමාරම්භක සැසිය ඊයේ (2025 මාර්තු 10) නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝර්බාක්ගේ ප්‍රධානත්වයෙන් සහ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ඉදිරියේ පැවැත්විණි.
LGBTQ+ ගැටළු පිළිබඳ පොලිස් අවබෝධය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන යටතේ පළමු පුහුණු කණ්ඩායම ලෙස උපදේශක නිලධාරීන් 24 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් තෝරාගෙන ඇත.
මෙම මුලපිරීමට ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටින සංවිධානයක් වන Equite හි උපදේශකයන් විසින් දින පහක පුහුණුවක් පවත්වනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart