
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුරුඳුවත්ත පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියකු සුඛෝපභෝගී මෝටර් රථයකට යටවීමෙන් ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත්වූ ආකාරය දැක්වෙන දර්ශන සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වේ.
CCTV දර්ශනවලට අනුව මෝටර් රථය කොළඹ නෙළුම්පොකුණ රඟහලේ සිට නිදහස් චතුරශ්‍රය දෙසට ධාවනය වෙමින් තිබියදී CCC ක්‍රීඩාංගණය අසල වටරවුමේදී මෙම අනතුර සිදුව ඇත.
එම ස්ථානයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියා මතින් සුඛෝපභෝගී මෝටර් රථය ධාවනය වී වටරවුම මැද තිබූ පොකුණේ ගැටී තිබේ.
වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පොලිස් නිලධාරියා කොළඹ ජාතික රෝහලේදී අද පෙරවරුවේ මියගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
28 හැවිරිදි මෝටර් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
A 25-year-old traffic police officer has died after being run over by an SUV near Independence Square last evening.
CCTV: Viewer Discretion Advised pic.twitter.com/ZKlOKop1xM
— NewsWire ?? (@NewsWireLK) October 6, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart