
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුවරඑළිය නගරයේ වීථිවල නිදැල්ලේ සැරිසරන සහ සංචාරක කර්මාන්තය සඳහා යොදාගන්නා පෝනින් සම්බන්ධයෙන් නිසි නියාමනයක් නොමැති වීම හේතුවෙන් රථවාහන අනතුරු සිදුවීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
පසුගිය 13 වැනිදා නුවරඑළිය ප්‍රධාන මාර්ගයක ගමන් කළ මෝටර් රථයක ඩෑෂ්බෝඩ් කැමරාවේ සටහන් වූ දර්ශනවලින් ද පෝනියකු හදිසියේ මාර්ගයට පැමිණීම නිසා සිදු වූ අනතුරක් දැකගත හැකි විය. මීට පෙර ද මෙවැනි සිදුවීම් ගණනාවක් වාර්තා වී ඇති අතර, ඒවායින් වාහනවලට දැඩි ලෙස හානි සිදු වී පුද්ගලයන් ද බරපතළ තුවාල ලබා තිබේ.
නුවරඑළිය ප්‍රධාන සංචාරක නගරයක් බැවින්, සංචාරකයන් සඳහා පෝනින් ලබාගැනීම සාමාන්‍ය දෙයක් වුවද, මහජන ආරක්ෂාවට හා ගමනාගමනයට බාධා නොවන පරිදි නිසි නියාමන ක්‍රමවේදයක් සකස් කිරීම අත්‍යවශ්‍ය බව ප්‍රදේශවාසීහු පෙන්වාදෙති.
මෙහිදී පෝනි හිමිකරුවන්ගේ වගකීම දැඩි ලෙස අවධාරණය කෙරේ. තමන් සතු පෝනීන් පොදු මාර්ගවලට ඇතුළුවීමට ඉඩ නොදීම, එම සත්වයන් පාලනය කරගැනීම සහ මාර්ග නීතිවලට අනුගතවීම හිමිකරුවන්ගේ මෙන්ම පැදිකරුවන්ගේ ද වගකීමකි.
එමෙන්ම මහනගර සභා ආඥා පනත යටතේ මහජන ආරක්ෂාව තහවුරු කිරීමට නුවරඑළිය මහ නගර සභාව බැඳී සිටී. ඒ අනුව, නිදැල්ලේ යන පෝනින් පාලනය කිරීම, සංචාරක කටයුතු සඳහා නිශ්චිත ස්ථාන හඳුන්වාදීම සහ හිමිකරුවන් නීතියට යටත් කිරීම සඳහා මහනගර සභාව සහ අදාළ ආයතන එක්ව කඩිනම් ස්ථිර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රදේශවාසීහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart