
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 වර්ෂයේ මැයි 25 දින වනවිට දී මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි මුළු සංචාරකයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එම අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, මේ දක්වා විදේශිකයන් 1,006,097ක් මෙරටට පැමිණ තිබේ.
2024 වර්ෂයේදී සංචාරකයන් පැමිණීමේ සීමාව මිලියනය ඉක්මවා යෑමට ජුනි මාසය දක්වා ගත වුවද, මෙම වසරේ මාස හයක් ඇතුළත එම සීමාව ඉක්මවූ බව එම අධිකාරිය කියයි.
මැයි මාසයේ මුල් දින 25 තුළ සංචාරකයන් 109,213 ක්ද මෙරටට පැමිණ ඇත.
ඒ අතර, මැයි මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයන් 39,070 ක් පැමිණ ඇති අතර එහි ප්‍රතිශතය 35.8% කි.
තවද, එක්සත් රාජධානියෙන් සංචාරකයන් 7,661 ක්ද, චීනයෙන් 7,139 ක්ද, ජර්මනියෙන් 6,143 ක් සහ බංග්ලාදේශ ජාතිකයන් 5,637 ක්ද මේ මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
මේ අතර, 2025 දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගෙන් 196,129 ක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවද වාර්තා හෙළිකරයි.
තවද, 2025 දී රුසියාවෙන් සංචාරකයන් 110,043 ක් සහ එක්සත් රාජධානියෙන් 94,714 ක්ද ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart