
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨ නායක ආර්.සම්බන්ධන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට යොමුකර ඇති නවතම ලිපියේ භාවිත කර ඇති වචන මාලාව ඛලිස්තාන් බෙදුම්වාදීන්ගේ භාෂාවට සමාන බව, අලුතින් පිහිටුවන ලද තරුණ පක්ෂය වන නව ජනතා පෙරමුණ (NPF) කොළඹ ඉන්දීය මහ කොමසාරිස් වෙත ලිපියක් යවමින් පවසා තිබේ.
දෙමළ ජාතික සන්ධානය දැන් භාවිත කරන වචන මාලාව කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල ‘ඛලිස්තාන් බෙදුම්වාදීන්’ භාවිත කරන වචන මාලාවට බෙහෙවින් සමාන වන අතර, “අපේ රටවල් දෙකෙහිම බෙදුම්වාදී කොටස් පරාජය කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්වැල් බැඳගත යුතු බව අපගේ දැඩි හැඟීමයි” යනුවෙන් එම පක්ෂය ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ වෙත යොමුකළ ලිපියේ සඳහන් වේ.
පාර්ලිමේන්තුවට වැඩි තරුණ සහභාගීත්වයක් ඉල්ලා සිටින අතර දේශගුණික ක්‍රියාමාර්ග සහ බිම් මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සිය අරමුණු බව පවසන නව ජනතා පෙරමුණ (NPF), තම සාමාජික සංඛ්‍යාවෙන් 80% ක්ම වයස අවුරුදු 40 ට අඩු පුද්ගලයන් බව පවසයි.
“ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගැටුමක් නිර්මාණය කිරීම දෙමළ ජාතික සන්ධානයේ සම්ප්‍රදාය වී ඇති අතර ශ්‍රී ලාංකික නායකයකුගේ සංචාරයකට පෙර ඉන්දීය රාජ්‍ය නායකයන් සමඟ ලිපි හුවමාරු කිරීම ද එම පක්ෂයේ සිරිතක් බව NPF සිය ලිපියේ වැඩිදුරත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart