
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ටිරාන් අලස් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත නව සංශෝධන මාලාවක් සමඟ නැවත ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව ඇමතිවරයාට අයත් ‘සිලෝන් ටුඩේ’ පුවත්පත වාර්තා කරයි.
‘මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත’ පසුගිය ඔක්තෝබර් 03 වැනිදා ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතේ විධිවිධානවලින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට පැහැදිලිවම තර්ජන එල්ලවන බවට දේශීය හා අන්තර්ජාතික පාර්ශ්ව රැසකින් විශාල ලෙස විවේචන එල්ලවී තිබිණි.
ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 50කට ආසන්න සංඛ්‍යාවක් ගොනුකිරීමට පාර්ශව රැසක් කරයුතු කර තිබුණේය.
අදාළ පෙත්සම් පසුගියදා විභාගයට ගැනුණු අතර, එහිදී නීතිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ, කෙටුම්පතට සංශෝධන රාශියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
මේ අතර කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සම්වලට අදාළ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායකවරයා වෙත යොමුකර ඇති බවද වාර්තා සඳහන් කරයි.
සංශෝධන සිදුකිරීමෙන් පසු පනත් කෙටුම්පත නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කරන බව ටිරාන් අලස් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි පසුබිමකය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart