
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගෙන තිබේ.
ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසන් වුඩ් ප්‍රකාශ කර ඇත්තේ, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ පැමිණීමත් සමඟ අද පැවති පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ උත්සවය වඩාත් සුවිශේෂී වූ බවයි.
එක්දින ඉතිහාසයේ ලකුණු හඹා යෑමේ දක්ෂතම ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙස ඩිල්ෂාන් සැළකේ.
2011 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලකුණු 500ක් ලබාගෙන අවසන් පූර්ව තරගයේදී එංගලන්තයට එරෙහිව ශතකයක් රැස්කරමින් වැඩිම ලකුණුලාභියා වීමේ වාර්තාවටද ඔහු හිමිකම් කියයි.
මීට අමතරව, ඔහු 2014 ICC T20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකි.
නව ඕස්ට්‍රේලියානු ජාතිකයකු සහ රටේ පදිංචිකරුවකු ලෙස, ඔහු ප්‍රාදේශීය කණ්ඩායමකට බැඳීමට සහ ඔහුගේ දක්ෂතා ප්‍රජාව සමඟ බෙදාගැනීමට තීරණය කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද ජේසන් වුඩ් ප්‍රකාශ කර තිබේ.
ඔහුගේ දියණිය රෙසන්දි තම පියාගේ අඩිපාරේ යන බව අසන්නට ලැබීම සතුටක් බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart