June 9, 2025

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩතහනම් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ, අද රැස්වූ කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අනුවයි.

ජනාධිපති සමාව යටතේ අනවසරයෙන් රැඳවියන් මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගෙන් ඊයේ ප්‍රශ්න කර තිබිණි.