
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ආනයනය කිරීමේදී බදු සහනයක් ලබා දීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව බඩඉරිඟු ආනයනය කිරීමේදී කිලෝග්‍රෑම් එකක් සඳහා අයකළ රුපියල් 75 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 25ක් දක්වා අඩුකිරීමට පියවර ගෙන තිබේ.
ලංකා ත්‍රිපෝෂ සමාගම සඳහා මෙම බදු සහන ලබා දී ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
මුදල් අමාත්‍යාංශය පෙන්වාදෙන්නේ, 2023 මැයි මස 18 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු සංශෝධනය සිදුකර ඇති බවයි.
කෙසේවෙතත් අනෙකුත් බඩ ඉරිඟු ආනයන කටයුතු සඳහා මෙම බදු අඩු කිරීම බලනොපාන බවද අමාත්‍යංශය පවසයි.
බදඉරිඟු ආනයනය කිරීමේදී පවතින දැඩි සීමාකිරීම් හේතුවෙන් පසුගිය වකවානුවේ ත්‍රිපෝෂ නිෂ්පාදනය විශාල ලෙස අඩුවී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart