
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිංගප්පූරු මණ්ඩායි සත්වෝද්‍යානයේදී ශ්‍රී ලාංකික දිවි පැටවුන් තිදෙනෙකු උපත ලබා තිබේ.
සත්වෝද්‍යාන බලධාරීන්ට අනුව මෙම පැටවුන් උපත ලබා ඇත්තේ ජනවාරි 1 වැනිදාය.
ඒ අනුව මණ්ඩායි වනජීවී රක්ෂිතයේ ශ්‍රී ලංකා දිවි ගහනය හත දක්වා ඉහළ යයි.
අවසන් වරට මණ්ඩායි හි දිවි පැටවකු උපත ලබා තිබුණේ වසර 30කට පමණ පෙර, එනම් 1997 දී ය.
සිංගප්පූරු සත්වෝද්‍යානයේ දැනට ශ්‍රී ලාංකික දිවියන් හය දෙනෙකු වාසය කරන අතර තවත් දිවියෙක් රාත්‍රී සෆාරි සඳහා යොදවා සිටී.
ඉන්ස්ටග්‍රෑම් හි ඊයේ(23) පළ කළ සටහනක, මණ්ඩායි වනජීවී රක්ෂිතය සඳහන් කර තිබුණේ, පැටවුන් සහ මව දැනට ජනතාවට දර්ශනය නොකර තබා ඇති බවයි.
කෙසේවෙතත්, සිංගප්පූරු සත්වෝද්‍යානයේ සජීවී කැමරාවෙන් පැටවුන්ගේ දර්ශන ලබාගත හැකි බව එහි වැඩිදුරටත් සඳහන් විය.
මැන්ඩයි වනජීවී සමූහයේ සත්ව රැකවරණය මෙහෙයුම් භාරකරු වන ආනන්ද් කුමාර් පැවසුවේ අසංක සහ යාලා යුවළට ලැබුණු පළමු පැටව් බවත්, 2025 ඔක්තෝබර් මාසයේදී යාලාගේ ගැබ් ගැනීම තහවුරු වූ බවත්ය.
යාලා ‘විශිෂ්ට මවක්’ බවත් ඔහු තවදුරටත් පැවසීය.
“ඇය අවධානයෙන්, සන්සුන්ව, පැටවුන් තිදෙනාට කිරි දෙනවා, ඔවුන් සෑම දිනකම ශක්තිමත් වන ආකාරය දැකීම අප සැමට සතුටක්,” යනුවෙන් කුමාර් පැවසීය.
ශ්‍රී ලාංකික දිවියන් වනයේ සිටින්නේ 800කටත් වඩා අඩු සංඛ්‍යාවක් වන අතර, ඔවුන් මුවන් සහ වල් ඌරන් වැනි සතුන්ගෙන් පෝෂණය වේ.
මෙම දිවියන් වනයේ අවුරුදු 10ත් 12ත් අතර කාලයක් ජීවත් වන නමුත් සත්වෝද්‍යානවලදී අවුරුදු 20ක් දක්වා ජීවත් විය හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart