
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිසියේ ගෞරවයට හානිවන අයුරින් මාර්ග බාධකයක රාජකාරී කළ පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පියවර ගෙන තිබේ.
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ මාතර පොලීසියට අනුයුක්තව රාජකාරි කළ තිදෙනෙක් බව පොලිසිය පවසයි.
මාතර තංගල්ල මාර්ගයේ වැල්ලමඩම ප්‍රදේශයේ ක්ෂණික මාර්ග බාධකයක මෙම නිලධාරීන් රාජකාරි කරමින් සිට ඇත.
එම අවස්ථාවේදී මාතර හම්බන්තොට ප්‍රදේශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා එම මාර්ගයේ රාජකාරී කටයුත්තකට යමින් සිටියදී මෙම තිදෙනා හිස්වැසුම් නොමැතිව ගිනිඅවි ජීප්රථයේ දමා බුලත්විට කමින් සිටින අයුරු නිරීක්ෂණය වී තිබේ.
පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පරීක්ෂා කරන අවස්ථාවේදී ඔවුන් රාජකාරී කළ යුතු ස්ථානය මාතර මහ රෝහල අසල බව අනාවරණය වී ඇත.
එසේම ඔවුන් නියෝග කඩකරමින් සිට ඇති බවටද කරුණු අනාවරණය වී තිබෙන බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
මෙම සම්බන්ධව විමර්ශන සිදුකර වැඩ තහනම් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart