
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොළොන්නරුව කොට්ඨාස දූෂණ මර්දන අංශයේ හිටපු නිලධාරීන් තිදෙනෙකුට වසර 07 බැගින් සිරදඬුවම් නියම කර තිබේ.
එලෙස සිරදඬුවම් නියම වූයේ පොළොන්නරුව කොට්ඨාස දූෂණ මර්දන අංශයේ හිටපු පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට සහ පොලිස් සැරයන්වරයකුටය.
2004 වසරේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට අදාළව ඔවුන්ට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරින් වරදකරුවන් බව අධිකරණය තීන්දු කර තිබේ.
මත්පැන් බෝතලයක් ඉල්ලා නොදීම හේතුවෙන් හෝටල් කළමනාකාරවරයෙකුට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබිණි.
චූදිතයන්ට අදාළ තින්දුව ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරුවරයා නියම කළේ, වෙන් වෙන් වශයෙන් රුපියල් 15,000 බැගින් දඩ මුදලක් ද ගෙවන ලෙසයි.
විත්තිකරුවන් දඩ මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් තවත් මාස 12 ක සිරදඬුවමක් ද නියම කර තිබේ.
එම නඩුවේ පළමු විත්තිකරු ලෙස නම්කර සිටි පොළොන්නරුව දූෂණ මර්දන කොට්ඨාස අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා නඩුව අතරතුර මියගොස් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart