
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ ගාලුමුවදොර ඉදිකෙරුණු අලුත්ම සුපිරි හෝටලයක් වන ITC One Colombo සහ තවත් හෝටල් දෙකක් වන Sheraton සහ Radisson Blu යන හෝටල් එළඹෙන ඔක්තෝබර් මාසයේ දී විවෘත කිරීමට නියමිත බව සංචාරක ඇමැති හරින් ප්‍රනාන්දු පවසයි.
පසුගිය 19වැනිදා හිල්ටන් හෝටල් සමූහයේ අති සුඛෝපභෝගී හෝටලය වන හිල්ටන් යාල රිසෝර්ට් (Hilton Yala Resort) හෝටලය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක ඇමැතිවරයා මෙසේද පැවැසීය.
“මේ ඊළඟ පියවරයි. ශ්‍රී ලංකාව තුල සාමාන්‍යෙන් සංචාරකයෙක් ඩොලර් 180ත් 200ත් අතර ප්‍රමාණයක් වියදම් කරනවා. නමුත් එය අපේ රට නිවැරදි මාර්ගයට යොමු කරන්නෙ නැහැ. අපිට තවත් නිෂ්පාදන සහ සන්නාම අවශ්‍යයි. මෙරටට පැමිණෙන සංචාරකයන් තවත් දේවල් මෙහිදී සිදු කරන්න අවශ්‍යයි සහ ඒවා නිවැරදි ආකාරයෙන් එකට එකතු කල යුතුයි. ඔක්තෝබර් මාසය තුල කොළඹ දී ITC හෝටලය, Sheraton සහ Radisson Blu විවෘත වෙනවා. ඉතින් ඔබ හැම දෙනාම එකට කටයුතු කරමින් ශ්‍රී ලංකාව අපේ හදවතේ තිබෙන සන්නාමයක් ලෙස ප්‍රවර්ධනය කලොත්, ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ඇති හැකියාව වගේම 2030 වන විට සංචාරකයන් මිලියන 4ක් ගෙන්වාගැනීමට ඇති ඉලක්කය වෙත ලඟාවිය හැකි බව මට පෙනීයනවා.“
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart