
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඩුබායි හි සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘ලොකු පැටී’ගේ ප්‍රධාන ගෝලයන් තිදෙනකු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් කහතුඩුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ, සැකකරුවන් සමඟ හෙරොයින් කිලෝග්‍රෑම් 13 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒවායේ වටිනාකම රුපියල් මිලියන 30 ක් පමණ වන බවයි. එසේම පිස්තෝල 02ක් සහ ව්‍යාජ අංක තහඩු සහිත මෝටර් රථ දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් විසින් කහතුඩුව, කෑල්ලගහවත්ත ප්‍රදේශයේ නිවසක් ඊයේ (09) සවස සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් පිරිස ඩුබායි හි සැඟවී සිටින බවට සැළකෙන ‘අහුංගල්ලේ ‘ලොකු පැටී’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයන් තිදෙනෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart