
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාතලේ – විල්ගමුව ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
පොලීසිය පැවසුවේ දඹුල්ල – මහියංගනය මාර්ගයේ මාතලේ ඇලවකන්ද ප්‍රදේශයේදී අද පස්වරු 7.30 ට පමණ බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ඇති බවයි.
ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ වෑන් රථයක ගැටීමෙන් බස් රථය ප්‍රපාතයට පෙරළී ඇත.
අනතුරින් පෞද්ගලික බස් රථයේ සිටි තිස්හත් දෙනෙකු සහ වෑන් රථයේ සිටි පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
අනතුරින් තුවාල ලැබූවන් විල්ගමුව රෝහලට ඇතුළත් කර තිබේ.
මියගොස් ඇත්තේ බස් රථයේ ගමන් ගත් දෙදෙනෙකු සහ වෑන් රථයේ ගමන් කළ පුද්ගලයෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart