
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ කුෂ් ගංජා කිලෝ 10.2ක් අඩංගු පාර්සල් දෙකක් සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
තායිලන්තයේ සිට කුරියර් සේවාවක් මගින් මෙම පාර්සල් ශ්‍රී ලංකාවට එවා ඇති බව පොලිසිය පවසයි.
මෙම පාර්සලය ලබාගැනීමට මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පැමිණි සැකකරුවන් දෙදෙනෙකු සහ ඔවුන්ට සහාය වූ තවත් පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් එක්ව සිදුකළ වැටළීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 33, 36 සහ 48 යන වයස්වල පසුවන පාදුක්ක, හෝමාගම සහ කළුතර දකුණ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart