
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2019 ජනාධිපතිවරණයේදී තව්හිද් ජමාත් සංවිධානය විසින් ගෝඨාභය රාජපක්ෂට ඡන්දය ලබදෙන ලෙස ප්‍රකාශ කරන ලද්දේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රශ්න කළේය. එසේම ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශ තව්හිද් ජමාත් සංවිධානය පෝෂණය කළ බවට එල්ල වන චෝදනාවලට තවමත් ප්‍රතිචාරයක් නොමැත්තේ මන්දැයි ද මන්ත්‍රීවරයා විමසීය. අද(22) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පාස්කු ප්‍රහාරයේ නොවිසඳුණු ගැටළු සම්බන්ධයෙන් මේ ආකාරයෙන් වැඩිදුරටත් අදහස් පළකළේය.
” හමුදා බුද්ධි අංශ තව්හිද් ජමාත් ව්‍යාපාරය පෝෂණය කළා යැයි හැම පැත්තෙන්ම නැගෙන චෝදනාවලට නිශ්චිත පිළිතුරක් අද වෙනකම් දීලා නැහැ. ඒකට ශ්‍රී ලංකා රජය පැහැදිලි පිළිතුරක් ලබාදිය යුතුයි. මේ ගැන පිළිතුරක් දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා සහ එවකට ආරක්ෂක ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල විතරයි. තොරතුරු ලබාගැනීමට වුව, තව්හිද් ජමාත් ව්‍යාපාරයට ඇයි උදව් කළේ කියන එක හා තව්හිද් ජමාත් ව්‍යාපාරය 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ඡන්දෙ දෙන්න කිව්වේ ඇයි? මේ තව්හිද් ජමාත් ව්‍යාපාරයේ හිටපු, ඉන් කැඩීගිය කොටසක් තමයි, සහරාන් හෂීම් කියන්නේ. මේවා නොවිසඳුණු ප්‍රශ්න. මේ ආණ්ඩුව යටතේ මේ ප්‍රශ්න විසඳයි කියලා මම හිතන්නේ නැහැ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart