
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි කන්නයේ වී අස්වැන්නේ අපේක්ෂිත පාඩුව තක්සේරු කිරීම සඳහා වී නිෂ්පාදනයට පවතින නියඟයේ බලපෑම පිළිබඳ සවිස්තර වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍යාංශය සකස් කරමින් සිටින බව වාර්තා වේ.
මෙම සතිය අවසන් වන විට රාජ්‍ය ආයතන කිහිපයක් විසින් ඒකාබද්ධව සකස් කරමින් සිටින මෙම වාර්තාව පදනම් කරගනිමින් ජාතික සහල් සංචිතවලට සිදුවන බලපෑම රජය ගණනය කරනු ඇතැයි පැවැසේ.
එම වාර්තාව ලබන සතිය අවසන් වනවිට ලබාදීමට නියමිත බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි.
යල කන්නයේ පුරෝකථනය කර ඇති වී අලාභය සඳහා සහල් ආනයනය සම්බන්ධයෙන් අදහස් පළකරන කෘෂිකර්ම ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ, සහල් ආනයනය කිරීමට සිදු විය හැකි බවයි.
2024 ජනවාරි දක්වා ආනයනය අවශ්‍ය නොකරන බවත්, මේ වසරේ දෙසැම්බර් මාසය දක්වා මෙරට සතුව ප්‍රමාණවත් තොග ඇති බවත්, ඇමැතිවරයා ප්‍රකාශ කිරීමෙන් මාස කිහිපයකට පසුව මෙම තත්ත්වය උදා වී ඇත.
මේ වසර මුලදී ඉන්දියාව සහල් අපනයනය තහනම් කිරීම මෙන්ම වෙනත් විකුණුම්කරුවන් සොයාගැනීම සහ ගෙවීමේ කොන්දේසි සකස් කිරීම ඇතුළු අභියෝග කිහිපයක් මේ සම්බන්ධයෙන් පවතින බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart