August 2, 2023

ඉන්දීය රුපියලින් ශ්‍රී ලංකාව තුළ දේශීය ගෙවීම් සහ පියවීම සිදුකිරීමට අවසර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

ඒ අනුව අදාළ ගෙවීම් සිදුකළ හැක්කේ මෙරට ඒ සඳහා වලංගු මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියලින් පමණකි.

වලංගු විදේශ ව්‍යහාර මුදල් ඒකකයක් ලෙස ඉන්දීය රුපියල අනුමත කළද, අදාළ රෙගුලාසි එලෙසම ක්‍රියාත්මක වන බව මහ බැංකුව සඳහන් කරයි.

ඉන්දීය රුපියල ශ්‍රී ලංකාවේ නිල මුදල් ඒකකයක් ලෙස නම්කිරීමත් සමග පැතිර යන විවිධ සාවද්‍ය තොරතුරු පිළිබඳව පැහැදිලි කරමින් මහ බැංකුව මේ බව සඳහන් කර ඇත.