October 22, 2026

අද (2026 ඔක්තෝබර් 22) සිට අඛණ්ඩව විදුලිය සැපයීමට කටයුතු කරන බව ජාතික පද්ධති මෙහෙයුම්කරු (National System Operator – NSO) සමාගම නිවේදනය කරයි.

ලක්විජය බලගාරයේ මෙගාවොට් 270 ක ධාරිතාවයකින් යුත් අංක 02 ජනන යන්ත්‍රය අද පස්වරු 1:31 ට නැවත පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට හැකිවීමත් සමඟ, මේ දක්වා ක්‍රියාත්මක කළ විදුලි ඉල්ලුම කළමනාකරණ පියවර (විදුලි කප්පාදුව/සීමාකිරීම්) තවදුරටත් අවශ්‍ය නොවන බව NSO ආයතනය තහවුරු කරයි.

පසුගිය ඔක්තෝබර් 19 වනදා සිට 21 වැනිදා දක්වා පැවැති විදුලි ඉල්ලුම කළමනාකරණය කළ කාලසීමාව තුළ පාරිභෝගිකයන් දැක්වූ සහයෝගයට ස්තූතිය පළකරන එම ආයතනය, එම කාලය තුළ සිදු වූ අපහසුතාවයන් පිළිබඳව සිය කනගාටුව ද පළකර සිටියි.