
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව ඇමැති මණ්ඩලයක් පත්කරන ලෙස තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් කළ ඉල්ලීම තවමත් වලංගු වුවද, නුදුරේදීම කැබිනට් සංශෝධනයක් සිදුවන බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.
කාර්යක්‍ෂමතාවය සම්බන්ධ ගැටළු මෙන්ම ඇතැම් කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරුන් අතර පවතින මතභේද හේතුවෙන් ඔවුන්ගේ සංශෝධනයක් ළඟදීම සිදුවනු ඇති බවට පසුගිය දිනවල ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.
එවැනි සූදානමක් පිළිබඳ ආණ්ඩු පක්ෂයට දැනුම් දී නොමැති බැවින් එම වාර්තාවල සත්‍යතාවක් නැතැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් සඳහන් කරයි.
කැබිනට් සංශෝධනයක් සඳහා සූදානමක් තිබේ නම්, ජනාධිපතිවරයා එය තම පක්ෂය සමඟ සාකච්ඡා කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, නමුත් එවැනි සාකච්ඡාවක් සිදුවී නොමැති බවත්, ඔහු පවසයි.
එමෙන්ම ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්කළ දිනයේ සිට පොදුජන පෙරමුණේ ඉල්ලීම වී ඇත්තේ නව ඇමැති මණ්ඩලයක් පත්කිරීම බවද මහලේකම්වරයා සඳහන් කරයි.
ජනාධිපතිවරයා බලයට පත් වූ පසු පොදුජන පෙරමුණට වැඩි විෂය පථයන් සහිත ඇමැතිධුර සංඛ්‍යාවක් ලබාදෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටිය ද, එය මෙතෙක් සිදු නොවූ බවත්, එසේ වුවද ඔවුන්ගේ ඉල්ලීම තවමත් වලංගු වන බවත්, මහලේකම්වරයා පවසයි.
එම නිසා කැබිනට් සංශෝධනයක් සිදුවේයැයි තමා නොසිතන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart