
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
ඒකාබද්ධ යෝජනාව හෙට (නොවැ 09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති ප්‍රසන්න රණතුංග පැවැසීය.
ඒකාබද්ධ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද පස්වරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත.
එම යෝජනාව එදිනම විවාදයට ගෙන සවස ඡන්ද විමසීමට නියමිත බව ඇමැති ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් සඳහන් කළේය.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා පත්කළ අතුරු කමිටුවේ කටයුතු ඊයේ අධිකරණ නියෝගයක් මගින් අත්හිටුවීමෙන් පසු මෙම පියවර ගෙන තිබේ.
ක්‍රිකට් පරිපාලනය තුළ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නිර්දේශ මත පදනම්ව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත්කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart